Kitchen
කොහිල කූනිස්සන් බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය :
කොහිල දලු මිටක්,ලොකු ලූනු ගෙඩි 1.
අමු මිරිස් කරල් 3
සුදු ලූනු බික් 3
තක්කාලි ගෙඩි 1
කූනිස්සන් 50g
රම්පේ,කරපිංචා ,අබ ස්වල්පයක්
කෑලි මිරිස් තේ හැදි 2
ලුණු අවශ්‍ය පමන
කහ ස්වල්පයක්
වතුර ස්වල්පයක්
තෙල් ස්වල්පයක්
සාදන ආකාරය :
කොහිල හොඳින් සෝදා . දඩු හා කොල වෙන වෙනම කපා ගන්න .තක්කාලි කපා ගන්න .
ලූනු ,අමු මිරිස් ,සුදු ලූනු ලියා ගන්න.තෙල් ලිප තබා මුලින්ම අබ ටික දමා ගන්න .
ඉන්පසු කූනිස්සන් ,සුදු ලූනු,ලොකු ලූනු ,අමුමිරිස් ,කෑලි මිරිස් කහ,ලුණු දමන්න .
ඒවා බැඳී ගෙන එද්දි කොහිල දඩු ටික දමා ගන්න .වතුර ස්වල්පයක් ද එකතු කර ගන්න .
මෙය පියන නොවසා උයා ගන්න. තැම්බීගෙන එද්දි කොහිල කොල ටික හා රම්පෙ කරපිංචා ,තක්කාලි එකතු කර ලිපෙන් බා ගන්න .